Tuesday, August 4, 2020

ජපානේදී හදපු කොත්තුවේ කතාව


👉ජපන්නු කියන්නේ විවිධ කෑම වර්ග අත්හදාබලන්න ආසා කරන පිරිසක්.
👉මට සහ මගේ යාලුවාට ජපානයේ සුබසාධක සමිතියකින් ඉල්ලීමක් අවා එයාලට ශ්‍රීලංකාවේ කෑම රස බලන්න වගේම අපිත් එක්ක උයන්නත් ආසයි! කියලා දෙන්න පුලුවන් ද කියලා..
👉අපි ඒ ඉල්ලීම පිලිගත්තා අදාල තුනපහ අඩුම කුඩුම ලෑස්ති කරගත්තා. ජපන්නුන්ට ලංකාවේ කරී කිහිපයකුයි කොත්තුවක් ගහන හැටියි කියලා දෙමු කියලා දෙන්නත් එක්ක කතාවෙලා අදාල දවසේ ඒ අය සංවිධානය කරලා තිබුනු තැනට ගියා.. 
👉ඇත්තටම ඒක ලොකු කිචන් එකක් කිවුවොත් හරි අපි ඉස්සරහ ඉදගෙන කරන දේ ඔක්කොම උඩ හයි කරලා තියෙන කන්නාඩියෙනුත් පේනවා ඒක නිසා අපි කරන විදියට එයාලට උයන්න පුලුවන්.
👉අපි පරිප්පු සහ චිකන් කරී, චිකන් ඩෙවල් එකක් හදන හැටි කියලා දුන්නා.. ඊට පස්සේ එතනම රොටි හදලා කොත්තුවක් ගහන හැටිත් කියලා දුන්නා.. 
👉 අපි හදන විදියටම එයාලත් ඒක ගෲප් වලට බෙදිලා හැදුවා.. මේ වැඩේට පොඩිලමයි ගොඩාක ආවා.. ඒ වගේම ලංකාවේ JICA එකේ අවුරුදු 10 විතර වැඩ කරපු සිංහල හොදට කතා කරන ජපන් ගැහැනු කෙනෙක් සාරියකුත් ඇදගෙන ආවා අපිව surprise කරන්න.
👉එයා ලංකාවේ යුද්ධය තියෙන් කාලේ වැඩකරපු කෙනෙක් ලංකාව ගැන ගොඩාක් හොද පැහැදිලි කිරීමක් අනිත් ජපන් අයත් කියලා දුන්නා... ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන හොද ගතිගුන එහෙම.. තව ලංකාවේ අය පොය දවසට මස්මාලු කන්නේ නැහැ වගේ දේවලුත් එතන පැහැදිලි කලා.. ඇත්තට ලංකාවට ගොඩාක් ආදරය කරන ජපන් කෙනෙක් තමා එයා..
👉අපි හදපු කෑම ටික්ක් සැර උනත් ඔයිශියි ඔයිශි කිය කිය කට්ටිය කෑවා. ඇත්තටම ඒ ඉවෙන්ට් එකට ගිහින් ලංකාව   Promot කරන්න පුලුවන් උන එක ගැන සතුට වෙන්වා. එතන ආපු ගොඩාක් අය අනිවාර්යයෙන් ලංකාව බල්න්න
යන්න ඕනා කියලත් කිව්වා..ජපානේ ඉන්න අයට මේ වගේ චාන්ස් ආවෝත් අනිවාර්යයෙන්ම කරන්න..
👉මට ඔය වැඩේ විඩියෝ කරන්න නම් බැරි උනා ඒත් අපි ජපානෙදි කොත්තුවක් ගහන විදියේ විඩියෝ එකක් මග ලග තියෙනවා මෙ ලින්ක් එකෙන් ගිහින් බල්න්න කැමති අය.
https://youtu.be/BfMxv3eY9bo

Friday, April 17, 2020

කොහොමද ජපන් රජයෙන් ගෙවන 10万円 ලබාගන්නේ???

ජපන් රජය විසින් කොරානා වයිරසයෙන් පිඩාවට පත්වූ ජපානයේ සියලුම ජනතාව සදහා 10万円( ආසන්නව රු 170 000 පමණ ) ලබාදීමට තීරනය කර තිබෙනවා. මේ මුදල ලබාගන්නේ කොහොමද කියලා අද අපි සාකච්ඡා කරලා බලමු. ✍ජපානයේ සිටින විදේශිකයන්ටත් මෙය ලැබෙනවාද?? ඔවු. ජපානයේ පදිංචිය සහතික කර resident card (在留カード)එකක් ඇති සියලු විදේශිකයන්ටද මෙම 10万円 සහනාධාරය ගතහැකිය.
 ✍️කොහොමද මේ සහනාධාරය ලබාගන්නේ?? මේ සදහා city office (市役所) එක මගින් ඔබට තැපැල් මාර්ගයෙන් ලැබෙන්න සලස්වන පෝරම බැංකු තොරතුරු සහිතව පුරවා නැවත් city office එකට තැපැල් කර යැවීම මගින් මෙම සහනාධාරය ඔබගේ බැංකු ගිණුමට බැරකර ගත් හැක. ඔබට ඔබගේ my number card පත ඇති නම එමගින් ඔබගේ අන්න්‍යතාව online තහවුරු කරගත හැකි නිසා online apply කිරීමටද පහසුකම් සලසා ඇත. ✍️කවදාද ලැබෙන්නේ?? මැයි මාසය තුල මෙම මුදල බෙදාදීමට කටයුතු කරන අතර ඒ සදහා වැයවන කාලය ප්‍රාන්තයේ city office එකෙහි කාර්‍යක්ෂමතාව මත රදාපවතී. ✍️ මේ සහනාධාරය සදහා tax අයවෙනවාද? නැත. මේ සදහා tax අය නොවේ. ✍️ සහනාධාරයේ අරමුණ ? හදිසිතත්වයක් ප්‍රකාශට පත් කිරීමෙන් අපහසුතාවට පත්වූ ජනතාවට සහනයක් දීමට සහ ආර්ථිකය නගාසිටුවීමට. ✍️මෙම මුදල ජපන් රජය ලබාගන්නේ කෙසේද? ජපන් රජය සදහා ජපානයේ මුලු ජනගහනය වන මිලියන 126ට ගෙවීමට යෙන් ට්‍රිලියන 12.6 අවශ්‍ය වන අතර මෙම මුදල භාණ්ඩාගර බැදුම්කර මගින් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. 🌸අනිත් අයටත් දැනගන්න ශෙයා කරන

Wednesday, March 4, 2020

ෆූජි කන්ද නගිමු











ජපානයේ උසම කන්ද වන ෆූජි ගිනිකන්ද මම තරණය කලා 2016 අගෝස්තු මාසයේදී. ෆූජිකන්ද 3776 m උසයි ඒ වගේම මේක ලෝක උරුමයක් විදියට නම් කරලාත් තියෙනවා .මෙම කන්ද නගින අවස්තාව හම්බවෙන්නේ ජූලි වල සිට සැප්තැම්බර් දක්වා ඒ කලේ තමා ෆුජි කන්දේ හිම සම්පූර්ණයෙන් දියවී ගොස් තිබෙන කාලය. ෆුජි කන්ද තරණයට අපි ශ්‍රීපාදයේ නගිනවා වගේ මාර්ග කිහිපයකින්ම යන්න පුලුවන් හැබැයි ශ්‍රීපාදයේ නගිනකොට උඩට වෙනක්ම්ම පඩිපේලි තියෙනවා ඒත් ෆුජී කන්ද ටික දුරක් නගින කොට පඩිපේලි නැති මාරගයක තමයි යන්න වෙන්නේ ඒක ටිකක් දුෂ්කර මාරගයක්.
මෙම මාර්ගයේ නැවැතුම් පොලවල් 10ක් තියෙනවා. ඇත්තට අපිට 5වන නැවැතුම වෙනකම් බස් එකේ යන්න පුලුවන් එතන ඉදලා තමයි නගින්න පටන්ගන්නේමේයට ඇතුල් වෙනකොට අපිට යෙන් 1000 ක් ගෙවන්න වෙනවා. ඒ මුදල් මේ ලෝක උරුමය ආරාක්ශා කිරීමට යොදාගන්නවාලූ. මම ගියේ යොශිදා මාර්ගයේ මට මුදුනටම නගින්න පැය 6-7 විතර ගියා.. රෑ නගින්න ගත්තේ උදේ පාන්දර 5 විතර වෙනකොට උඩටම ගියා.. ඉර පායන එකත් බලලා උදේට කන්ද මුදුනේ තියෙන රාමෙන් කඩයකින් රාමෙන් එකකුත් කාලා බහින්න පටන් ගත්තා.. පැය 3-4 යනකොට පහල ඇති බස් නැවැතුම් දක්වා ලගාවෙන්න පුලුවන් උනාඋඩ උෂ්ණත්වය 0 අඩුවෙන් තියෙන්නේ ගොඩක් සීතලයි ජපානයට ආපු කෙනෙක් කොහොමහරි මේ අත්දැකීම ගන්නයනකොට අනිවාර්යයෙන් ගොඩාක් රෙඩි වෙලා යන්න.. ඔයාලට කැමති නම් උඩ 7-8 නැවැතුම් වල තියෙන හොටෙල් එකක් බූක් කරලා ගිහිල්ලා රෑ නවතිනත් පුලුවන්මේ මගේ අත්දැකීම් ලබාගත් අවස්තාවේදී ගත් ෆොටෝ ටිකක්

Saturday, June 22, 2019

Minna no Nihongo Lesson-4 Part-2 |Japan Panthiya|

Minna no Nihongo Lesson-4 Part-2

In this lesson, I will explain the "Minna no Nihongo" book lesson 4 part 2. This part included basic grammar patterns. Please watch the video and SUBSCRIBE "Japan Panthiya" youtube channel.

Thursday, June 13, 2019

Minna no Nihongo Lesson-2 Part-4 |Japan Panthiya|

Minna no Nihongo Lesson-2 Part-4

In this lesson, I will explain the "Minna no Nihongo" book lesson 2 part 4. This part included basic grammar patterns. Please watch the video and SUBSCRIBE "Japan Panthiya" youtube channel

Wednesday, June 12, 2019

Minna no Nihongo Lesson-2 Part-3 |Japan Panthiya|

Minna no Nihongo Lesson-2 Part-3

In this lesson, I will explain the "Minna no Nihongo" book lesson 2 part 3. This part included basic grammar patterns. Please watch the video and SUBSCRIBE "Japan Panthiya" youtube chanal.


ජපානේදී හදපු කොත්තුවේ කතාව

👉ජපන්නු කියන්නේ විවිධ කෑම වර්ග අත්හදාබලන්න ආසා කරන පිරිසක්. 👉මට සහ මගේ යාලුවාට ජපානයේ සුබසාධක සමිතියකින් ඉල්ලීමක් අවා එයාලට ශ්‍රීලංකාවේ කෑ...