Wednesday, March 4, 2020
ෆූජි කන්ද නගිමු
ජපානයේ උසම කන්ද වන ෆූජි ගිනිකන්ද මම තරණය කලා 2016 අගෝස්තු මාසයේදී. ෆූජිකන්ද 3776 m උසයි ඒ වගේම මේක ලෝක උරුමයක් විදියට නම් කරලාත් තියෙනවා .මෙම කන්ද නගින අවස්තාව හම්බවෙන්නේ ජූලි වල සිට සැප්තැම්බර් දක්වා ඒ කලේ තමා ෆුජි කන්දේ හිම සම්පූර්ණයෙන් දියවී ගොස් තිබෙන කාලය. ෆුජි කන්ද තරණයට අපි ශ්‍රීපාදයේ නගිනවා වගේ මාර්ග කිහිපයකින්ම යන්න පුලුවන් හැබැයි ශ්‍රීපාදයේ නගිනකොට උඩට වෙනක්ම්ම පඩිපේලි තියෙනවා ඒත් ෆුජී කන්ද ටික දුරක් නගින කොට පඩිපේලි නැති මාරගයක තමයි යන්න වෙන්නේ ඒක ටිකක් දුෂ්කර මාරගයක්.
මෙම මාර්ගයේ නැවැතුම් පොලවල් 10ක් තියෙනවා. ඇත්තට අපිට 5වන නැවැතුම වෙනකම් බස් එකේ යන්න පුලුවන් එතන ඉදලා තමයි නගින්න පටන්ගන්නේමේයට ඇතුල් වෙනකොට අපිට යෙන් 1000 ක් ගෙවන්න වෙනවා. ඒ මුදල් මේ ලෝක උරුමය ආරාක්ශා කිරීමට යොදාගන්නවාලූ. මම ගියේ යොශිදා මාර්ගයේ මට මුදුනටම නගින්න පැය 6-7 විතර ගියා.. රෑ නගින්න ගත්තේ උදේ පාන්දර 5 විතර වෙනකොට උඩටම ගියා.. ඉර පායන එකත් බලලා උදේට කන්ද මුදුනේ තියෙන රාමෙන් කඩයකින් රාමෙන් එකකුත් කාලා බහින්න පටන් ගත්තා.. පැය 3-4 යනකොට පහල ඇති බස් නැවැතුම් දක්වා ලගාවෙන්න පුලුවන් උනාඋඩ උෂ්ණත්වය 0 අඩුවෙන් තියෙන්නේ ගොඩක් සීතලයි ජපානයට ආපු කෙනෙක් කොහොමහරි මේ අත්දැකීම ගන්නයනකොට අනිවාර්යයෙන් ගොඩාක් රෙඩි වෙලා යන්න.. ඔයාලට කැමති නම් උඩ 7-8 නැවැතුම් වල තියෙන හොටෙල් එකක් බූක් කරලා ගිහිල්ලා රෑ නවතිනත් පුලුවන්මේ මගේ අත්දැකීම් ලබාගත් අවස්තාවේදී ගත් ෆොටෝ ටිකක්
Subscribe to:
Post Comments (Atom)
ජපානේදී හදපු කොත්තුවේ කතාව
👉ජපන්නු කියන්නේ විවිධ කෑම වර්ග අත්හදාබලන්න ආසා කරන පිරිසක්. 👉මට සහ මගේ යාලුවාට ජපානයේ සුබසාධක සමිතියකින් ඉල්ලීමක් අවා එයාලට ශ්‍රීලංකාවේ කෑ...
-
Kanji Lesson 1 Kanji characters 1-4 In these lessons, I will explain the kanji characters with illustration and mnemonic hints that m...
-
Kanji Lesson 3 In these lessons, I will explain the kanji characters with illustration and mnemonic hints that make it fun and easy to lea...
-
Kanji Lesson 2 Kanji characters 5-8 In these lessons, I will explain the kanji characters with illustration and mnemonic hints that ma...
No comments:
Post a Comment